.webp)
එම අධිකාරිය සඳහන් කළේ, උත්සව සමය තුළ මේ වන විට වැටලීම් 1,250 ක් කර ඇති බවයි.
ඊයේ (07) දිනය තුළදී වැටලීම් 151 ක් සිදුකර ඇති අතර ඉන් වැටලීම් 51 ක්ම බිත්තර සම්බන්ධ වැටලීම් වේ.
පරිභෝජනයට නුසුදුසු හා වැඩි මිලට ආහාර අළෙවි කරන වෙළෙදුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළේ ය.
මේ අතර උත්සව සමය වෙනුවෙන් වෙළෙඳපොළේ, පවතින කිරුම් මිනුම් උපකරණ අද (08) සිට විශේෂ පරීක්ෂාවකට ලක් කරන බව මිනුම් සහ ප්‍රමීති සේවා දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්‍යක්ෂ සුජීව අකුරන්තිලක මහතා සඳහන් කළේ, පාරිභෝගිකයින් අපහසුතාවට පත්වන පරිදි මිනුම් වැරදි සිදු කරනු ලබන ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවය.