ජනතාවට සැබෑම හයියක් වුණු ගම්මැද්ද

ආර්ථික දුෂ්කරතා මැද ජීවත් වන පවුල්වලට ගම්මැද්දෙන් දුන් සවිය

by Staff writer 08-04-2023 | 9:54 PM

COLOMBO (News 1st) - පවතින ආර්ථික දුෂ්කරතා අර්බුදය මැද මේ දවස්වල හැමෝම ජීවත් වෙන්නේ අමරුවෙනි.

මේ අවුරුද්ද පුරාම ගම්මැද්ද දුෂ්කරතා මැද ජීවත්වෙන අපේම ජනතාවට සහනයක් වෙන්න කටයුතු කළේ ය.

අසීරුවෙන් ජීවත් වන අපේම මිනිසුන්ට ශක්තියෙක් වෙමින් අලුත් අවුරුදු වෙනුවෙන් සහන අරන් ගම්මැද්ද ජනතාව සොයාගෙන ගියේ ය.

ආර්ථික දුෂ්කරතා මැද අපේම ජනතාව එදාවේල හොයාගන්නේ අසීරුවෙනි.

ගම්මැද්ද හැකි පමණින් ඔවුනට උපකාර කිරීමට පෙරමුණ ගත්තේ මෙම තත්ත්වය වටහා ගනිමිනි.

ගම්මැද්ද වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ ව්‍යාපෘතිය අද (08) ආරම්භ වූයේ ඒ අනුවයි.

ලබන 12 වැනි දා දක්වා ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය මගින් දිවයිනම ආවරණය වන පරිදි තෝරාගත් පවුල් 1000කට අධික සංඛ්‍යාවකට වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමට නියමිතව ඇත.

ග්‍රාම නිලධාරීන්ගේ සම්බන්ධීකරණය යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින්  අනුමත කරන ලද නිර්ණායක කිහිපයක් යටතේ තෝරාගත් පවුල් සඳහා එම අහර ද්‍රව්‍ය බෙදා දීම සිදු කෙරෙනු ඇති.

අද ගම්මැද්ද ජනතාව සොයාගෙන ව්‍යාපෘතිය හලාවත, කුරුණෑගල, ගම්පහ, ත්‍රිකුණාමලය, මහනුවර, හාලිඇල, ගාල්ල, යටියන්තොට, මාතර සහ පොළොන්නරු ප්‍රදේශවලට ගියේ ය.

ගම්මැද්දේ සැබෑ සවිය ජනතාවයි. 

රට පුරා කරගෙන යන දැවැන්ත ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලට අමතරව අහාර වෙල්ක් නැති වෙනුවෙන් සුසුම්ලන ජනතාව වෙනුවෙන් ජනතාව ගමග ජනතාවට මේ ආකාරයෙන් පිහිට වෙන්න ගැම්මැද්ද අඛණ්ඩව කැපවේ.