.webp)
අපේ රටට බත සපයන මහවැලි සී කලාපයේ ගොවි රජවරුන් සමග මෙරට විශාලතම ටෙලිවිෂන් මාධ්‍ය ජාලය වන සිරස TV අද අලුත් අවුරුද්දේ අසිරිය බෙදා හදා ගත්තේ ය.
ඒ, සිරස වසන්ත උදානය දෙහිඅත්තකණ්ඩිය මහවැලි ක්‍රිඩාංගණයේදී රැගෙන යමිනි.
සිරස වසන්ත උදානය දෙහිඅත්තකණ්ඩිය මහවැලි ක්‍රීඩාංගණයේදී අද (08) ආරම්භ වුණේ, හෙළ සංස්කෘති අංගයන්ට මුල් තැන දෙමිනි .
ඒ, අපේ රටට බත සපයන මහවැලි සී කලාපයේ ගොවි රජවරුන්ගේ මුවගට සිනහවක් එක් කරමිනි.
මවහැලි ක්‍රීඩාංගණයේ නිර්මාණය කළ ගැමි ගෙදර පරිශ්‍රයේ පැවති සමාරම්භක උත්සවයෙන් අනතුරුව සිරස වසන්ත උදානය ආරම්භ විය.
සමාරම්භක අවස්ථාවට මහවැලි සී කලාපයේ ගොවි රජවරුන්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බී කොටගම, දෙහිඅත්තකණ්ඩිය නේවාසික ව්‍යාපාර කළමනාකරු උභය කල්‍යාණ කුමාර මහතා, කැපිටල් මහරාජා සමූහයේ සිරස TV මාධ්‍ය ජලයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල්, සිරිසටීවි ප්‍රධාන විධායක නිලධාරී නීතිඥ සුසාර දිනාල්, ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ සභාපති අසංක නානායක්කාර මහතා ඇතුළු මවහැලි සී කලාපයේ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.
සමාරම්භක උත්සවය හෙළ සංස්කෘතික නර්තනාංග කිහිපයකින් වර්ණවත් වුණි.
අවුරුදු කුමරිය, කොට්ට පොර, මැරතන් වැනි සාම්ප්‍රදායික අවුරදු අංග පමණක් නොව වොලිබෝල්, කබඩි වැනි තරග ඉසව් ගණනාවක් මෙවර දෙහිඅත්තකණ්ඩිය මහවැලි ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් අද පැවැත්විය.
එපමණක් නොව, නවීනත්වයත්වය සමග අපෙන් ඇත් වූ ගැමි ගෙදර යළිත් වසන්ත උදාන පරිශ්‍රයේ නිර්මාණය කර තිබුණි.
අපේ ගොවි රජවරුන්ට හා ජනතාවට ජලයත් සමග තියෙන්නේ අවියෝජනිය සම්බන්ධයකි.
විශේෂයෙන්ම වැව කියන්නේ අපේ රටට අවේණික ලෝක උරුමයක් .
ඒ අනුව වැව මූලික කරගත් ජල ක්‍රීඩා රැසක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.
ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ වෘත්තීය ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම තරග ඉසව් ක්‍රියාත්මක වුණි.
පාපැදි සවාරිය , මැරතන් ධාවරන තරගය , සිරස වසන්ත කුමරිය , මහා ගොවියා තේරීම , කොට්ටාපොර , කබ ඇදීම ඇතුළු තරග ඉසව් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තේ ය.
මෙවර මහවැලි මහ ගොවියා ලෙස තේරී පත් වුණේ, මහවෙනාවෙල මහවැලි කොට්ඨාසයේ මහවෙනාවෙල ඒකකයේ කේ. චන්ද්‍රකුමාර් ගොවි මහතායි.
මෙවර සිරස වසන්ත කුමරිය ලෙස කිරුළු පැළඳුවේ පාරිද්‍යා ලියන පතිරණ යි.
මේ අතර අද රාත්‍රියේ සහරා ෆ්ලෑෂ් සංගීතයට බාචි සුසාන් , තිමංක වෙල්ලාගේ , ශිෂකා නිසන්සලා , ශානිකා වනිගසේකර ,රුක්මන් අසිත, චන්දන ලියනාරච්චි , සතිශා බාත් , මිලාන් හෙට්ටි ආරච්චි යන ගී තරු රැසක් දෙහිඅත්කණ්ඩිය මහවැලි ක්‍රීඩාංගණයේදී රාත්‍රීයේ සංගීතවත් වීමට සූදානම්ය.