උගන්ඩාවේ කැබිනට් ඇමතිවරියකට වැඩ වරදී

සෙවිලි තහඩු හොරකම් කළ උගන්ඩාවේ කැබිනට් ඇමතිවරියකට වැඩ වරදී..

by Staff writer 07-04-2023 | 9:19 PM

COLOMBO (News 1st) - සෙවිලි තහඩු දහස් ගණනක් සොරකම් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් උගන්ඩාවේ කැබිනට් අමාත්‍යවරියකට සිර දඬුවම් නියම වී තිබේ.

උගන්ඩාවේ, කරමෝජා පළාතේ ජනතාව නගා සිටුවීමේ ව්‍යාපෘතිය යටතේ නොමිලේ බෙදාදීමට දුන් සෙවිලි තහඩු මුදලට අලෙවි කර ඇතැයි ව්‍යාපෘතිය පැවරී තිබූ අමාත්‍යවරිය වන මේරි ගොරෙට්ටි කිටුටූ හට චෝදනා එල්ල වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අගමැති කාර්යාලය යනුවෙන් සඳහන්ව තිබූ සෙවිලි තහඩු තොගයක් අලෙවි කිරීමේ චෝදනා මත ඇමතිවරියගේ ඥාතියෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇයට එරෙහිව චෝදනා ගොනුකර ඇති බවයි.

සෙවිලි තහඩු සොරකම් කිරීමේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කිටුටූ අධිකරණයේදී වරද පිළිගෙන තිබේ.

ඒ අනුව ඇයට අදාළ දඩුවම ලබන ඉරිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.