COLOMBO (News 1st) – අප්‍රේල් මාසයේ රාජ්‍ය සේවක වැටුප් ලබන සඳුදා බැංකු ගිණුම් වෙත මුදා හරින බව මුදල් අමාත්‍යංශය පවසයි.
එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, මේ මාසයට හිමි විශ්‍රාම වැටුප් හා සමෘද්ධි දීමනාව ද එදින ලබා දෙන බවයි.