පොලිස්පතිගේ ධුර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

පොලිස්පති CD වික්‍රමරත්නගේ ධුර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්..

by Staff writer 07-04-2023 | 10:34 AM

COLOMBO (News 1st) – පොලිස්පති CD වික්‍රමරත්න මහතාගේ ධුර කාලය මාස තුනකින් දීර්ඝ කිරීම ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. 

එහි දැක්වෙන්නේ මාර්තු 26 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තවත් මාස 3ක් සඳහා ඔහු පොලිස්පතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර ඇති බවයි.

ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා  ය.