පෙර පාසල් ගුරුවරියක ඝාතනය කෙරේ

පේරාදෙණිය, ගිනිහේනේදී පෙර පාසල් ගුරුවරියක ඝාතනය කෙරේ

by Staff writer 07-04-2023 | 2:47 PM

COLOMBO (News 1st) –  පේරාදෙණිය,  මුරුතලාව අලදෙණිය පාර ගිනිහේන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පෙර පාසල් ගුරුවරියක ඝාතනය කර තිබේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, අද උදෑසන ඇය නිවසේ සිට පැමිණෙන අතරතුර පාළු ස්ථානයකදී ඝාතනය කර ඇති බවයි.

නිවසේ සිට මිටර් 400 ක් දුරින් වූ ස්ථානයකදී ඇය ඝාතනය කර ඇති බව ඔහු පැවසී ය. 

ඝාතනයට ලක්ව ඇත්තේ 25 හැවිරිදි අංජලි චාපා නමැති පෙර පාසල් ගුරුවරියකි.