සමෘද්ධි බැංකු සේවකයින් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක

සමෘද්ධි බැංකු සේවකයින් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක

by Staff writer 06-04-2023 | 6:24 AM

COLOMBO (News 1st) - අද (06) දින දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වන බව සමෘද්ධි බැංකු සේවකයෝ පවසති.

සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් හා කාර්යාල නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජී. එම්. ඒ. බී බස්නායක මහතා පැවසුවේ, සේවා සංයුතියේ හා දීමනාව වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් වැඩවර්ජනයක නිරත වන බවයි.

මේ අතර ඉල්ලීම් සඳහා නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මකයි.

ජල සම්පාදන වෘත්තීය සමිති එකමුතුවේ සමකැඳවුම්කරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ, ගැටලු විසඳීමට දුන් කාලයේදී අමාත්‍යාංශය කිසිදු ප්‍රතිචාරයක් නොදැක් වූ බවයි.