.webp)

2014 වසරේ අප්‍රේල් 06 වැනි දා බංග්ලාදේශයේ මීර්පූර් ක්‍රීඩාංගණයේදී පන්දුවාර 20යි 20 ලෝක අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ ඉන්දියාව සහ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
20 යි 20 පිටියේ අභියෝගාත්මකම කණ්ඩායම ලෙස සැලකුණු ඉන්දීය කණ්ඩායම සිය නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 130ක් රැස් කළේ ය.
විරාත් කෝලි ලකුණු 77ක් ලබා ගත්තේය.
නායක ලසිත් මාලිංග, රංගන හේරත් සහ නුවන් කුලසේකර පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක්විය.
25,000 කට අධික ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ ජය තමන් සතු කර ගත්තේ පන්දුවාර 17යි පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී තිබියදීය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දක්ෂතා දැක් වූ කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 52ක් රැස් කළේ ය.
ශ්‍රී ලංකා නාමය රැව් පිළිරුව් දුන් එදා මීර්පූර් ක්‍රීඩාංගණයේ දී ලැබූ අයිතිහාසික ජයග්‍රාහණය තවමත් ක්‍රීඩාවට ආදරය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ගේ මතකයේ රැඳී ඇත.
2014 පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රාහණයේ මතකය අවදි කරමින් අද(06) රාත්‍රී 7.00 ට මෙම තරගය TV1 නාලිකාව ඔස්සේ ඔබට නැරඹීමට අවස්ථාව ලබා දීමට අප සූදානම්..!
