ලංවිම සෝජිට්ස් පුද්ගලික සමාගමේ බලාගාරයක් මිලදී ගන

ලංවිම සෝජිට්ස් පුද්ගලික සමාගම සතු බලාගාරයක් මිලදී ගනී.

by Staff writer 06-04-2023 | 6:06 PM

COLOMBO (News 1st) –  සෝජිට්ස් කැලණිතිස්ස පුද්ගලික සමාගම සතුව තිබූ විදුලි බලාගාරයක් මිලදී ගත් බව ලංකා විදුලි බල මණ්ඩලය අද (06)නිවේදනය කළේ ය.  

මෙම බලාගාරයෙන් ජාතික පද්ධතියට එක් කරන විදුලි ධාරිතාව මොගාවොට් 163 කි.  

විදුලි බලය මිලදී ගැනීමේ එකඟතාවය යටතේ ඇති කොන්දේසි අනුව 2022 වසරේ අග භාගයේ සිට සිදු කළ සාකච්ඡා අනුව මෙම බලාගාරය මිලදී ගැනීමට හැකිවූ බව විදුලි බල මණ්ඩලය සඳහන් කළේ ය.