.webp)
COLOMBO (News 1st) – කාන්තාකවකට ලිංගික අතවර කිරීමේ චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු අධිකරණය තීරණය කර තිබේ.
එ්, සිඩ්නිහි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී ධනුෂ්කට එරෙහි නඩුව අද (06) යළි කැඳවූ අවස්ථාවේදීය.
එ් අනුව, ඔහුට නැවතත් Facebook සහ Instagram යන සමාජ මාධ්‍ය භාවිත කිරීමට අධිකරණෙයන් අවසර ලබා දී අැති බව විෙදස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය පෙබරවාරි මාසයේ දී Whatsapp සමාජ මාධ්‍ය යෙදවුම භාවිත කිරීමට ද ධනුෂ්කට අධිකරණය අවසර ලබා දුන්නා.
පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටියදී 32 හැවිරිදි වියෙහි පසුවන ධනුෂ්ක ගුණතිලක සැකපිට අත්අඩංගුවට ගැනිණි.
ඒ, කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා මතයි.
ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව යළි අප්‍රේල් 27වැනිදා කැඳවීමට නියමිතය.