ඉපරැණි කාසි තොගයක් සමග 4 දෙනෙකු අත්අඩංගුවට...

ඉපරැණි කාසි තොගයක් සමග සැකකරුවන් 4 දෙනෙකු කන්තලේදී අත්අඩංගුවට..

by Staff writer 06-04-2023 | 6:15 PM

COLOMBO (News 1st) –  ඉපැරණි කාසි තොගයක් සමග සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ , කන්තලේ කොට්ඨාස අපරාධ කාර්යාංශයේ නිලධාරින් විසින් ය. 

හබරණ සිට කන්තලේ දෙසට ධාවනය වූ මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී සැකකරුවන් සතුව තිබී පුරාවිද්‍යා වටිනාකමක් ඇති බවට සැක කරන කාසි 389ක් සොයා ගත් බව පොලිසිය සඳහන් කළේ ය.  

අත්අඩංගුවට ගත් පිරිස අතරට කාන්තාවන් දෙදෙනෙකු ද ඇතුළත් ය. 

32 හා 49 වයස්වල පසුවන සැකකරුවන් පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.