ෆ්‍රයිඩ් රයිස්, කොත්තු හා බත් පැකට්වල මිල පහළට

ෆ්‍රයිඩ් රයිස්, කොත්තු හා බත් පැකට්වල මිල පහළට

by Staff writer 05-04-2023 | 7:44 AM

COLOMBO (News 1st) - ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් පැකට්වල මිල අඩු කිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ, ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට වෙළෙඳපොළේ ගෑස් මිල අඩු කිරීමත් සමග මෙම තීරණය ගත් බවයි.