නවසීලන්තය පන්දු රැකීමට තීරණය කරයි

ශ්‍රී ලංකාවට නවසීලන්තයේදී පළමුවරට T20 තරගාවලියක් ජයගත හැකි වේවි ද?

by Staff writer 05-04-2023 | 6:55 AM

COLOMBO (News 1st) - සත්කාරක නවසීලන්ත සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර දෙවැනි පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය ඩනීඩන්හිදි දැන් පැවැත්වේ.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම තීරණය කළේ, පළමුව පන්දු රැකීමටයි.

ඒ අනුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 6ක් අවසානයේ කඩුලු 2 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 50 කි.

අද තරගයට චාමික කරුණාරත්න වෙනුවට කසුන් රාජිත ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇත.

නවසීලන්ත කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදුව නැත.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජය ගතහොත් නවසීලන්තයේදී ලබන පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලි ජය මෙය වනු ඇති.