ලංකාව පැරදූ නවසීලන්තයට කඩුලු 9 ක විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි T20 තරගයෙන් නවසීලන්තයට කඩුලු 9 ක විශිෂ්ට ජයක්

by Staff writer 05-04-2023 | 9:57 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සත්කාරක නවසීලන්තය කඩුලු 9 කින් අද (05) ජය ගත්තේය.

ඩනීඩන්හිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 141 කි.

ධනංජය ද සිල්වා ලකුණු 37 යි.

ලකුණු 142 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 14 යි පන්දු 4 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී සිටියදීය.

ටිම් සෙයිෆර්ට් නොදැවී ලකුණු 79 ක් රැස් කළේ ය.

ඒ අනුව තරග 3කින් සමන්විත පන්දුවාර 20යි 20 තරගාවලිය තරග 1-1ක් ලෙස දෙපිලම සම තත්ත්වයේ පසුවේ.