වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් 9කට දඩ

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් 9කට දඩ

by Staff writer 05-04-2023 | 7:49 AM

COLOMBO (News 1st) - උපරිම සිල්ලර මිල ඉක්මවා බිත්තර අලෙවි කළ පුද්ගලයින් 9කට අඟුණකොළපැලැස්ස අධිකරණය රුපියල් ලක්ෂ 9ක දඩ නියම කර තිබේ.

ඒ, පාරිභෝගික කටයුතු අධිකාරිය අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සුදු බිත්තරයක් රුපියල් 44 කටත් රතු බිත්තරයක් රුපියල් 46 කටත් අලෙවි කළ යුතු බවට නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගිය දා ගැසට් නිවේදනයක් නිකුත් කළේ ය.