මහ මුහුදෙන් ඇල්ලූ මිලියන 92ක හෂිස්

මහ මුහුදෙන් ඇල්ලූ මිලියන 92ක හෂිස්

by Staff writer 05-04-2023 | 9:47 PM

COLOMBO (News 1st) - හෂිස්  මත්ද්‍රව්‍ය කිලෝග්‍රැම් 92 ක් සමග  ඉන්දීය ජාතිකයින් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , නාවික හමුදාව තලෛයිමන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ, අද (05)  සිදුකළ විශේෂ මෙහෙයුමකදී යි.

සැක කටයුතු ලෙස යාත්‍රා කළ  'ඩව්' යාත්‍රාවක් පරීක්ෂා කිරිමේදී පාර්සල් 95 ක අසුරා තිබූ, එම මත්ද්‍රව්‍ය තොගය සොයා ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ,කැප්ටන් ගයාන් වික්‍රමසූරිය මහතා සඳහන් කළේ ය. 

හෂිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 92 කට අධික වේ.