අධිචෝදනා 34ක් එල්ල වුවත් මම නිවැරදිකරු - ට්‍රම්ප්

අධිචෝදනා 34ක් එල්ල වුවත් මම නිවැරදිකරු - ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණයේදී කියයි

by Staff writer 05-04-2023 | 8:15 AM

COLOMBO (News 1st) - අධිචෝදනා 34ක් එල්ල වුවත්, තමා නිවැරදිකරු බව ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණයේදී පවසා තිබේ.

ඒ, නිව්යෝර්ක් අධිකරණයේ පැවති නඩු විභාගයක් අතරතුරදීයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එල්ල වී ඇති අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටී අවස්ථාවේ මේ බව සඳහන් කර ඇති බවයි. 

2016 ජනාධිපතිවරණයට පෙර නිල් චිත්‍රපට නිලියකට මුදල් ගෙවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල වී ඇත.

තව ද ඔහුට විරුද්ධව අධිචෝදනා 34ක් එල්ල වී තිබේ. 

76 හැවිරිදි ට්‍රම්ප් සැලකෙන්නේ, අපරාධ නඩුවකට මුහුණදුන් ඉතිහාසයේ පළමු අමෙරිකානු හිටපු ජනාධිපතිවරයා ලෙසයි.