රථ වාහන සඳහා නිකුත් කරන ඉන්ධන කෝටාව ඉහළ දමයි

අලුත් අවුරුද්දට වැඩි වැඩියෙන් තෙල් ගහන්න අද රෑ (04) සිට කෝටාව ඉහළට

by Staff writer 04-04-2023 | 4:23 PM

COLOMBO (News 1st) - අද (04) මාධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන කෝටාව වැඩි කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව ත්‍රිරෝද රථයක් සඳහා ලීටර් 5 ක්ව පැවති ඉන්ධන කෝටාව, ලීටර් 8 ක් දක්වා ඉහළ දමා ඇත.

අමාත්‍යංශය සඳහන් කළේ, යතුරු පැදි සඳහා වන ඉන්ධන කෝටාව ලීටර් 4 සිට 7 දක්වා ඉහළ දැමූ බවයි.

බස් රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 40 සිට 60 දක්වා ඉහළ දමා ඇත.

මෝටර් රථ සඳහා මෙතෙක් පැවති ලීටර් 20 ක් වූ ඉන්ධන කෝටාව ඉහළ දමා ඇත්තේ ලීටර් 30 ක් ලෙසිනි.

වෑන් රථ සඳහා ලීටර් 20 ක්ව පැවති ඉන්ධන කෝටාව, ඉන්ධන ලීටර් 30 ක් දක්වා වැඩි කර තිබේ.

ඉඩම් වාහන සඳහා ඉන්ධන කෝටාව ලීටර් 15 සිට 25 දක්වා ඉහළ නංවා ඇති අතර ලොරි සඳහා වන ඉන්ධන කෝටාව ලීටර් 50 සිට 75 දකවා ඉහළ දමා ඇති බව අමාත්‍යංශය සඳහන් කළේ ය.

විශේෂ කාර්ය වාහන සඳහා ඉන්ධන කෝටාව ඉහළ දමා ඇත්තේ ලීටර් 20 සිට 30 දක්වායි.

අලුත් අවුරුදු සමය වෙනුවෙන් මේ තීරණයට එළඹි බවද විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ ය.