.webp)
COLOMBO (News 1st); හෙට (04) මධ්‍යම රාත්‍රීයේ සිට ගෑස් මිල පහත දමන බව ලිට්‍රෝ සමාගම පවසයි.
ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ, කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,000කට ආසන්න මුදලකින් පහත දමන බවයි.
ඊට අමතර සෙසු ලිට්රෝ ගෑස් සිලින්ඩර මිල ගණන් ද හෙට (04) මධ්‍යම රාත්‍රීයේ සිට පහත දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ.