වීසා නොමැතිව සිටි චීන ජාතිකයින් 37ක් රිමාන්ඩ්..

වීසා නොමැතිව සිටි චීන ජාතිකයින් 37 ක් රිමාන්ඩ්... සැකකරුවන් අතර කාන්තාවන් 5ක්

by Staff writer 03-04-2023 | 11:24 AM

COLOMBO (News 1st) – අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේදී වීසා නොමැතිව මෙරට රැඳි සිටියදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 37 දෙනෙකු ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

පොලිසිය පැවසුවේ, සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එලෙස රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර, චීන ජාතික කාන්තාවන් 5 දෙනෙකු හා වයස 6ක දරුවෙකු ද වන බව පොලිසිය සඳහන් කළේ ය.