IMF හා ලෝක බැංකු නිලධාරින් සමග සාකච්ඡා ලබන සතියේ.

මෙරට ඉදිරි වැඩසටහන් ගැන IMF හා ලෝක බැංකුවේ නිලධාරින් අතර සාකච්ඡා ලබන සතියේ - ශෙහාන් සේමසිංහ

by Staff writer 03-04-2023 | 9:05 AM

COLOMBO (News 1st) – මෙරට ඉදිරි වැඩසටහන් සම්බන්ධයෙන් වොෂිංටන් නුවරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ නිලධාරින් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. 

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ලබන සතිය තුළ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ සමුළුවකදී එම සාකච්ඡා පැවැත්වීට නියමිත බවයි.

එම සමුළුව සඳහා තමන් සමග මහ බැංකු අධිපතිවරයා හා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහභාගිවීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.