.webp)

COLOMBO (News 1st) – තලෙයිමන්නාරම් මුහුදේදී රුපියල් මිලියන 67.5කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නාවික හමුදාව පැවසුවේ, තලෙයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04කට අධික තොගයක් එලෙස සිය භාරයට ගත් බවයි.
වෙරළ කලාපයේ සිදුකරන නිරන්තර සෝදිසි මෙහෙයුම් හේතුවෙන් රට තුළට ප්‍රවාහනය කිරීමට නොහැකිව ජාවාරම්කරුවන් මෙම මත්ද්‍රව්‍ය තොගය මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැක කෙරෙන බව නාවික හමුදාව සඳහන් කළේ ය.
මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් සිය භාරයේ තබාගෙන පවතින බව නාවික හමුදාව සඳහන් කළේ ය.
