.webp)

COLOMBO (News 1st) – සංචාරක නෙදර්ලන්තයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාව තරග 2 ට 0 ක් ලෙස ජය ගත්තේ ය.
ඒ, තරගාවලියේ තුන්වැනි තරගය ලකුණු 146 කින් ජය ගනිමින් ය.
ජොහැන්නස්බර්ග්හිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් සත්කාරක දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 370කි.
විශිෂ්ට පිතිකරණයක නිරත වූ ඒඩන් මාක්රම් ලකුණු 175 කි.
එම ඉනිමට හයේ පහර 7 ක් සහ 4 පහර 17 ක් ඇතුළත් විය.
පිළිතුරු ලෙස ලකුණු 371 ක ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 39 යි පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 224 ක් පමණි.
මූසා අහමඩ් ලකුණු 61 ක් රැස් කළේ ය.
ඒත් සමගින් දකුණු අප්‍රිකාව ICC ලෝක කුසලාන සුපර් ලීග් ලකුණු සටහනේ 8 වැනි ස්ථානයට පැමිණියේ ය .
ශ්‍රී ලංකාව එහි පසුවන්නේ 10 වැනි ස්ථානයේ ය.
