ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 03-04-2023 | 6:33 AM


දේශීය පුවත්

1. කතරගම , වැඩිහිටිකන්ද පාරේ වෙඩිතැබීමක්.. – කතරගම, වැඩිහිටිකන්ද මාර්ගයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. 

2.එළවළු මිල පහළ ගියේ ඇයි? – උත්සව සමය ආරම්භ වීමත් සමග  මෙවර එළවළු මිල ශීඝ්‍රයෙන් පහළ ගොස් තිබේ.

3.ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව ඔබ දැනුවත් ද?– දැනට ගැසට් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත දූෂිතයින් ආරක්ෂා කරන පලිහක් බව පාර්ශ්ව රැසක් පෙන්වා දෙනවා. 

4.බදුල්ලේ කැබ් රථ අනතුර ගැන විමර්ශනයට පළාත් අධ්‍යාපන ලේකම්ගේ උපදෙස් මත ත්‍රිපුද්ගල කමිටුවක් – බදුල්ලේ රථ පෙළපාලියක් අතරතුර කැබ් රථයක් පෙරළී යාමෙන් සිදුවු අනතුර සම්බන්ධයෙන් විමර්ශනයට පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ උපදෙස් මත ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ. 

5.අධික උණුසුම හමුවේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න – සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.. – අධික උණුසුම් කාලගුණය හමුවේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නැයි, සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දීමක් සිදුකරයි. 

 
විදෙස් පුවත්

1. ජපන් – චීන විදේශ ඇමතිවරු අතර හමුවක්..– ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා චීන විදේශ අමාත්‍යවරයා හමු වී තිබේ . 

ක්‍රීඩා පුවත්

1. සුපිරි පන්දුවාරයෙන් තීරණය වූ ශ්‍රී ලංකාවේ සුපිරි ජය..  – සත්කාරක නවසීලන්තයට එරෙහි පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි පන්දුවාරයේදී ජය ගත්තේ ය.