සුපිරි පන්දුවාරයේදී ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

සුපිරි පන්දුවාරයෙන් තීරණය වූ ශ්‍රී ලංකාවේ සුපිරි ජය..

by Staff writer 02-04-2023 | 11:27 AM

COLOMBO (News 1st) - සත්කාරක නවසීලන්තයට එරෙහි පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි පන්දුවාරයේදී ජය ගත්තේ ය.

නවසීලන්තයේ ඊඩ්න් පාර්ක් පිටියේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 196 කි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ චරිත් අසලංක ලකුණු 67 යි.

ලකුණු 197 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර  20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 196 ක් රැස් කළේ තරගයේ ජයග්‍රහණය සුපිරි පන්දුවාරයකට ඉඩ දෙමිනි.

සුපිරි පන්දුවාරයේ , පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු  8 රැස් කිරීමට සමත් විය.

ලකුණු 9 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු 3කදී  කිසිදුවෙකු නොදැවී නියමිත ඉලක්කය පසු කිරීමට සමත් විය.