පළමු T20 තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට..

ශ්‍රී ලංකාවට එරෙහි පළමු T20 තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට..

by Staff writer 02-04-2023 | 7:50 AM

COLOMBO (News 1st) - සත්කාරක නවසීලන්ත සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය අද (02) ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

තරගයේ කාසියේ වාසිය හිමිකරගත්,සත්කාරක නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව දසුන් ශානක ප්‍රමුඛ  ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නේ ය.

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර මේ දක්වා පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරග 20 ක් පවත්වා ඇති අතර ඉන් 11 ක් නවසීලන්තය ජය ගෙන ඇත.

ශ්‍රී ලංකාවට හිමිවී ඇත්තේ තරග 8ක ජය පමණි,ඉන් එක් තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන් වී ඇත.