ලංගමට නව බඳවා ගැනීම්

ලංගමට රියැදුරන් 800ක් සහ කොන්දොස්තුවරුන් 275ක් අලුතින් බඳවා ගැනීමට පියවර

by Staff writer 02-04-2023 | 7:18 AM

COLOMBO (News 1st) - රියැදුරන් 800 දෙනෙකු හා කොන්දොස්තරවරුන් 275 දෙනෙකු අලුතින් බඳවා ගැනීමට පියවර ගෙන ඇතැයි, ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ, කඩිනමින් අදාළ බඳවා ගැනීම් සිදුකරන බවයි.

ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින රියැදුරු පුරප්පාඩු සංඛ්‍යාව, 1,035 ක්.

ඊට අමතරව කොන්දොස්තරවරු 450 දෙනෙකුගේ ද, හිඟයක් පවතින බව ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ ය.

නව බඳවා ගැනීම් හරහා පුරප්පාඩු සංඛ්‍යාව අඩුවන බව, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ ය.