අතහැර දැමූ වැව් 497ක් ප්‍රතිසංස්කරණය අරඹයි

අතහැර දැමූ වැව් 497ක් ප්‍රතිසංස්කරණය අරඹයි - කෘෂිකර්ම අමාත්‍යාංශය

by Staff writer 02-04-2023 | 7:25 AM

COLOMBO (News 1st) - දිස්ත්‍රික්ක 11 ක අතහැර දැමූ වැව් 497 ක් ප්‍රතිසංස්කරණය ආරම්භකර ඇතැයි, කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ, ඩොලර් මිලියන 44 ක ලෝක බැංකු මුල්‍ය ප්‍රතිපාදන යටතේයී.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැව් 72 ක හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 29 ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ආරම්භ වී  ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති දේශගුණ සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතිය යටතේ එම වැව් ප්‍රතිසංස්කරණ කටයුතු කෙරෙනු ලබයි.

දේශගුණික බලපෑම් නිසා වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය නොමැතිව පීඩා විඳින ගම්මානවල ගොවි ජනතාවගේ ජීවන තත්ත්වයන් නගා සිටුවීමට අවශ්‍ය ජලය සැපයීම, වැඩසටහනේ අරමුණයි.

එම ව්‍යාපෘතිය යටතේ හඳුනාගෙන ඇති අතහැර දැමූ වැව් සංඛ්‍යාව 870 ක්.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ද, තවත් වැව් 30 ක් මෙම වසර තුළ ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත වේ.

ඒ සඳහා රජය මේ වන විට ලබාදී ඇති මුදල, රුපියල් මිලියන 300 ක්.