අනුරාධපුර – කොළඹ රාත්‍රි තැපැල් දුම්රිය මහවදී පීලි පනී..

අනුරාධපුර – කොළඹ රාත්‍රි තැපැල් දුම්රිය මහවදී පීලි පනී..

අනුරාධපුර – කොළඹ රාත්‍රි තැපැල් දුම්රිය මහවදී පීලි පනී..

කර්තෘ Staff writer

02 Apr, 2023 | 8:55 am

COLOMBO (News 1st) – අනුරාධපුර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ  රාත්‍රී තැපැල් දුම්රිය මහවදී  පීලී පැන තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ඊයේ (01)  මධ්‍යම රාත්‍රීයේ  දුම්රිය පීලීපැනීමට ලක්ව ඇති බවයි.

 මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ,දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි.

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කරන තෙක්, කොළඹ කොටුවේ සිට මහව දක්වා පමණක් දුම්රිය ධාවන කටයුතු  සීමා කර ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]