.webp)
COLOMBO (News 1st) – මහනුවර විද්‍යාර්ථ සහ ශාන්ත සිල්වෙස්තර විද්‍යාලාන්තර 63 වැනි 'සුරතලුන්ගේ සංග්‍රාමය' වාර්ෂික ක්‍රිකට් තරගය අද (01) අවසන් වීමට නියමිතය.
පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයින්ට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 94ක් පමණි.
ඊයේ (31) දිනයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන මහනුවර විද්‍යාර්ථ ක්‍රීඩකයින් පන්දුවාර 48ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 148 ක් රැස් කරගෙන සිටියහ.
මේ අතර ඌව විද්‍යාලය සහ බදුල්ල ධර්මදූත විදුහල් අතර 74 වැනි 'ඌව සුලෝහිත සංග්‍රාමය' වාර්ෂික ක්‍රිකට් තරගයත් අද (01) අවසන් වීමට නියමිතය.
බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමුව පන්දුවට පහර දුන් ඌව විද්‍යාලය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 142 ක් වන අතර පිළිතුරු ලෙස ධර්මදූත විදුහල් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 108 ක් රැස් කළේ ය.
ඊයේ (31) දිනට තරගය නතර කරන විට තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ඌව විද්‍යාල කණ්ඩායම පන්දුවාර 13 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 25 ක් රැස් කරගෙන සිටියේය.