බදුල්ල අනතුරෙන් තුවාල වූ දෙදෙනෙකුගේතත්ත්වය බරපතලයි

බදුල්ල අනතුරෙන් තුවාල ලැබූ දෙදෙනෙකුගේ තත්ත්වය බරපතලයි - රෝහල් ආරංචි මාර්ග

by Staff writer 01-04-2023 | 9:24 PM

COLOMBO (News 1st) - බදුල්ලේ  රථ පෙළපාලියක් අතරතුර සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ තවත් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

බදුල්ල ප්‍රදේශයේ වාර්ෂික මහා ක්‍රිකට් තරගයකට සමගාමීව පැවති,රථ පෙළපාලියක් අතරතුර සිදුවූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මිය ගියේ ය.

අනතුර සිදුවූයේ බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාගංණය අසල භූමියකදී යි.

අනතුරින් මිය ගියේ, උසස් පෙළ අංශයේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකි.

සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ තවත් සිසුන් 6 දෙනෙකු බදුල්ල මහා රෝහලට ඇළත්කර ඇති අතර රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, ඉන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බවයි.