අමරසිරි කලංසූරිය අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය දිවි ගමනට සමුදෙයි..

by Staff writer 01-04-2023 | 8:52 AM

 

COLOMBO (News 1st) – ප්‍රවිණ සිනමා නළු අමරසිරි කලංසූරිය මහතා අද(01)  අලුයම අභවප්‍රාප්ත විය.

මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 83ක් වන අතර සිංහල සිනමා වංශ කතාවේ පෙම්වතාගේ භුමිකාවට නව ආරක් එක් කළ අමරසිරි කලංසූරිය මහතා සිනමාවට පිවිසෙන්නේ සුගතපාල සෙනරත් යාපාගේ 'හන්තානේ කතාව' චිත්‍රපටයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුගේ චරිතයට පන පොවමිනි.

අනතුරුව අහස් ගව්ව, අක්කර පහ , අපේක්ෂා , පරිත්‍යාගය , තරංගා ,බඹරු ඇවිත්, සාගරයක් මැද , පුජා ආදී චිත්‍රපට  රැසක විශිෂ්ට චරිතාංග නළුවකු ලෙස සිය රංගන ප්‍රතිභාව විදහා පෑ අමරසිරි කලංසූරිය මහතා ඕ.සී.අයි.සී. ජනාධිපති සහ සරසවි සම්මාන රැසකින්ද පිදුම් ලැබුවේ ය.

මෙරට ප්‍රථම ටෙලි නාට්‍ය වන දිමුතු මුතු නාට්‍යයේ ද ප්‍රධාන චරිතයට පණ පෙවූ අමරසිරි කලංසූරිය මහතා ප්‍රේක්ෂක ජනාදරයට පත් වුණේ නිහතමානි කලාකරුවෙකු ලෙසය.