ගෘහ සේවයට රට යන කතුන්ට NVQ අනිවාර්යයි

ගෘහ සේවයට විදෙස්ගත වන කාන්තාවන්ට NVQ සහතිකය අද සිට අනිවාර්ය කෙරේ..

by Staff writer 01-04-2023 | 7:11 AM

COLOMBO (News 1st) - ගෘහ සේවය සඳහා විදෙස්ගත වන කාන්තාවන්ට ජාතික ඇගයීම් මට්ටමේ සහතිකය හෙවත් NVQ සහතිකය අද (01) දින සිට අනිවාර්ය කර ඇතිබව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේ, දින 28ක නේවාසික පුහුණුවක් ද මෙයට ඇතුළත් බවයි.