සමාජ සුබ සාධක ප්‍රතිලාභ සංගණනයේ කාලය දීර්ඝ කෙරේ

සමාජ සුබ සාධක ප්‍රතිලාභ සංගණනයේ කාලය දීර්ඝ කෙරේ

සමාජ සුබ සාධක ප්‍රතිලාභ සංගණනයේ කාලය දීර්ඝ කෙරේ

කර්තෘ Staff writer

01 Apr, 2023 | 6:35 am

COLOMBO (News 1st) – සමාජ සුබ සාධක ප්‍රතිලාභ සමීක්ෂණය මෙම මස 10 වැනි දා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇතැයි සමාජ සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

එහි කොමසාරිස් බී. විජේරත්න මහතා සඳහන් කළේ, දිස්ත්‍රික් සහ ප්‍රදේශීය ලේකම්වරුන්ගේ ඉල්ලීම් මත ඊයේ (31) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබු එහි කාලය මෙලෙස දීර්ඝ කළ බවයි.
 
සුබ සාධක ප්‍රතිලාභ සමීක්ෂණ කටයුතුවල නිරත නිලධාරීන්ට ඇතැම් අවස්ථාවල සිදු වූ විවිධ හිංසාවන්ට එරෙහිව කටයුතු කරන්නැයි පොලීසියට උපදෙස් දුන් බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.

එහි කොමසාරිස් බී. විජේරත්න මහතා සඳහන් කළේ, සුබ සාධක ප්‍රතිලාභ පනත අනුව එම පියවර ගෙන ඇති බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]