.webp)
එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ, එම බිත්තර තොගයට ද සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට නියමිත බවයි.
එම බිත්තර තොගය ද අනුමැතිය ලැබීමෙන් පසු බේකරි නිෂ්පාදන හා හෝටල් සඳහා නිකුත් කිරීමට නියමිතව ඇතැයි රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සඳහන් කළේ ය.
එම සංස්ථාව සඳහන් කළේ, මීට පෙර ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර මිලියන 2 මේ වනවිට හෝටල් හා බේකරි නිෂ්පාදන සඳහා නිකුත් කරමින් ඇති බවයි.
බිත්තර මිලියන 30ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර ඉදිරියේදී වෙළෙඳපොළ අවශ්‍යතාව අනුව එම ප්‍රමාණය ආනයනය කිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පැවසූහ.
එම සංස්ථාව සඳහන් කළේ, මේ තත්ත්වය තුළ ඉදිරි දින කිහිපයේදී බිත්තර මිල ගණන් අඩුවනු ඇති බවයි.