ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද පෙරවරුවේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද පෙරවරුවේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද පෙරවරුවේ

කර්තෘ Staff writer

01 Apr, 2023 | 6:25 am

COLOMBO (News 1st) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

එම විශේෂ රැස්වීම පැවැත්වෙන්නේ, අද පෙරවරු 10.00 ට කතානායක නිල නිවසේදීයි.

ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහන් කළේ, ජාතික විගණන කොමිසමේ සාමාජිකත්වය සඳහා ඉදිරිපත් වී ඇති අයැදුම්පත් අතරින් සුදුසු පුද්ගලයින් තෝරා ගැනීම මේ වනවිට අවසන් කර ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]