IMF ණය ලැබුණත් විදේශීය ණය ගෙවීම තවදුරටත් අර්බුදයක – ශ්‍රී ලංකා බලධාරීන්

IMF ණය ලැබුණත් විදේශීය ණය ගෙවීම තවදුරටත් අර්බුදයක – ශ්‍රී ලංකා බලධාරීන්

IMF ණය ලැබුණත් විදේශීය ණය ගෙවීම තවදුරටත් අර්බුදයක – ශ්‍රී ලංකා බලධාරීන්

කර්තෘ Staff writer

31 Mar, 2023 | 7:12 pm

COLOMBO (News 1st) –  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ලැබුණ ද විදේශීය ණය ගෙවීම් සම්බන්ධයෙන් තව දුරටත් අර්බුදයක සිටින බව ශ්‍රී ලංකා බලධාරීන් ණය හිමියන්ට ප්‍රකාශ කර තිබේ. 

ඒ  ඊයේ (31) පැවති විශේෂ සාකච්ඡාවේදීයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක වන කාල සීමාව තුළදීත් ශ්‍රී ලංකාව සැළකිය යුතු විදේශ මූල්‍ය පරතරයකට මුහුණ දෙනු ඇති බව මෙහිදී පෙන්වා දී තිබේ.

එම මුල්‍ය පරතරය පියවාගැනීමට තව දුරටත් විදේශීය ණය ලබාගැනීමට සිදු වූවහොත් ශ්‍රී ලංකාවේ ණය තිරසර භාවය පවත්වාගෙන යා නොහැකි බව ද පෙන්වා දී තිබෙන අතර මහබැංකුව පැවසුවේ ශ්‍රී ලංකාවට ලබාදී ඇති විදේශ ණය සම්බන්ධයෙන්  ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අවශ්‍යතාව පෙන්වා දුන් බවයි. 
 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]