.webp)
ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30කි.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරෙන්ඩා මහතා පැවසුවේ, අඩු කළ බස් ගාස්තු ක්රියාත්මක වන්නේදැයි සොයා බැලීමට විශේෂ වැඩපිළිවෙළක් ක්රියාත්මක බවයි.
මේ අතර, පාසල් ප්රවාහන සේවා ගාස්තු අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්රවාහන සංගමයේ සභාපති මල්ශ්රී ද සිල්වා මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, මව්පියන් සමග සාකච්ඡා කර මිල අඩු කිරීම් කරන ලෙස උපදෙස් දුන් බවයි.