ඉන්දියාවෙන් තවත් බිත්තර ලක්ෂ 20ක් අඟහරුවාදා දිවයින

ඉන්දියාවෙන් තවත් බිත්තර ලක්ෂ 20ක් අඟහරුවාදා දිවයිනට..

by Staff writer 31-03-2023 | 9:46 AM

COLOMBO (News 1st) – ඉන්දියාවෙන් තවත් බිත්තර ලක්ෂ 20ක් ලබන අඟහරුවාදා දිවයිනට ආනයනය කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. 

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ, මෙරටට ආනයනය කළ පළමු බිත්තර තොගය බෙදා හැරීම ඊයේ(31) ආරම්භ කළ බවයි.

මහා පරිමාණ බේකරි හා හෝටල් සඳහා එම බිත්තර බෙදා හැරේ. 

රුපියල් 35ක මිලකට එම බිත්තර බෙදා හැරීමට පියවර ගත් බව ආසිරි වලිසුන්දර මහතා ප්‍රකාශ කළේ ය. 

මේ අතර, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසුවේ, මෙරට සමස්ත බිත්තර මිළ අඩු වනතෙක් සිය නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බවයි.

දැනට ආනයනය කරන බිත්තර සිය අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් නොවන බව එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.