English
தமிழ்
කර්තෘ Staff writer
31 Mar, 2023 | 6:57 pm
COLOMBO ( News 1st ) – එළැඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අද (30) අහිමි විය.
ඒ නවසීලන්තය සමග පැවැති තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2 – 0ක් ලෙස පරාජය වීමත් සමගයි.
නවසීලන්තයේ හැමිල්ටන්හිදී අද පැවති තුන්වැනි තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ, පළමුව පන්දුවට පහරදීමටයි.
කුසල් මෙන්ඩිස්ට සහ ඇන්ජලෝ මැතිව්ස්ට ලකුණක් හෝ රැස් කිරීමට ඉඩ ලැබුණේ නොලැබුණ අතර පැතුම් නිස්සංක ලකුණු 57ක් රැස් කළේය.
නායක දසුන් ශානක ලකුණු 31 යි.
ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 41යි පන්දු 3ක් අවසානයේ ලකුණු 157කට සීමා විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම නියමිත ඉලක්කය පසු කළේ, පන්දුවාර 32යි පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් පමනක් දැවී තිබියදී යි.
විල් යන්ග් සිය පළමු එක් දින අර්ධ ශතකය සමග නොදැවී ලකුණු 86ක් රැස් කළ අතර හෙන්රි නිකොල්ස් නොදැවී ලකුණු 44ක් රැස් කළේ ය.
ඒ අනුව දෙරට අතර අවසන් එක්දින තරගය නවසීලන්තය කඩුළු 6කින් ජය ගත්තේ ය.
මෙම තරගය පරාජය වීමත් සමග එළැඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අද (31) අහිමි විය.
1979 වසරෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියක සුදුසුකම් ලැබීමේ තරග වටයකට මුහුණදීමට සිදුවන පළමු අවස්ථාව මෙයයි.
04 Jun, 2023 | 08:06 AM
30 May, 2023 | 06:09 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS