English
தமிழ்
කර්තෘ Staff writer
31 Mar, 2023 | 8:11 pm
COLOMBO (News 1st) – ගම්මැද්ද පර්යේෂණ වාර්තා අද (31) කැලණිය විශ්වවිද්‍යාලය සඳහා ලබා දුන්නේ ය.
වසර 5ක් ගෙයින් ගෙට යමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයත් සමග එක්ව සකස් කළ ගම්මැද්ද පර්යේෂණ වාර්තා අද (31) පෙරවරුවේ කැලණිය විශ්වවිද්‍යාලයේදී එම විශ්වවිද්‍යාලය වෙත ලබා දීම සිදු කෙරිණි.
මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය, සමාජයීය විද්‍යා පීඨයේ පීඨාධිපති, මහාචාර්ය එම්.එම්.ගුණතිලක, භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති, විනේතෘ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි,සමාජයීය විද්‍යා පීඨයේ පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ,මහාචාර්ය ඒ.ජී.අමරසිංහ, සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
ගම්මැද්ද නායක ශෙවාන් ඩැනියෙල් මහතා සමග වසන්ත මාසිංහගේ, ගම්මැද්ද මහලේකම් ප්‍රසන්න අතුකෝරළ හා ජාතික සංවිධායක කෙනෙත් වීරක්කොඩි මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙරට ගම්මාන දහස් ගණනක ගමන් කර රැස්කර ගත් දත්ත වලින් සැකසූ පර්යේෂණ ග්රන්ථ පහ මීට පෙර කීර්තිමත් විශ්වවිද්‍යාල වන එංගලන්තයේ ඔස්ෆර්ඩ්, ඇමරිකාවේ බ්‍රවුන් ඇතුළු ප්‍රමුඛතම විශ්වවිද්‍යාල කිහිපයකටම ලබා දී තිබේ.
කැලණිය විශ්වවිද්‍යාලය ද අපේක්ෂා කරනුයේ මෙම පර්යේෂණ ග්රන්ථ හරහා පුළුල් විශ්ලේෂණයක නිරත වීමයි.
කැලණිය විශ්වවිද්‍යාලයේ, උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා –
'' අවුරුද්දට වාර්තාව බැගින්.දත්ත ගොඩක් එකතු වෙලා තිබෙනවා. කැලණිය විශ්වවිද්‍යාලය හැටියට ,ඒ දත්ත වලින් අපි ආයේ අවුරුදු 05ම ඒවා එකතු කරලා ඉදිරියට යන්න එක වැඩ ව්‍යාපෘතියක් හඳුනාගෙන ශිෂ්යන්වත් සම්බන්ධ කර ගෙන විශ්වවිද්‍යාලයේ පීඨ 06ක් තිබෙනවා විද්‍යාර්ථයින් 14.000 ක් වගේ ඉන්නවා .ගම්මැද්ද වැඩසටහනට අපේ විශ්වවිද්‍යාලයෙන් සපෝර්ට් කරන එකයි අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ටත් ලබා දෙන අද්දැකීම වඩා දියුණු කරන්න අපේ ආයතන දෙක පැත්තෙන්ම අපිට ගොඩක් ඉදිරියට යන්න කටයුතු කරන්න පුළුවන් කියලා මට හිතෙනවා…''
අද (31) මෙම පර්යේෂණ ග්රන්ථ ලබාදීමට සමගාමීව කැලණිය විශ්වවිද්‍යාලය හා ගම්මැද්ද ඉදිරියේදී සහයෝගීතාව ගොඩනගා ගන්නා ආකාරය සම්බන්ධයෙන් ද සාකච්ඡා කළේ ය.
04 Jun, 2023 | 04:40 PM
04 Jun, 2023 | 12:21 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS