ඛනිජ තෙල් බෙදා හැරීමට බාධා කළ පුද්ගලයින්ට එරෙහිව CID හරහා විමර්ශනයක් කරන්නැයි ඇමති කංචන පොලිස්පතිගෙන් ඉල්ලයි

ඛනිජ තෙල් බෙදා හැරීමට බාධා කළ පුද්ගලයින්ට එරෙහිව CID හරහා විමර්ශනයක් කරන්නැයි ඇමති කංචන පොලිස්පතිගෙන් ඉල්ලයි

ඛනිජ තෙල් බෙදා හැරීමට බාධා කළ පුද්ගලයින්ට එරෙහිව CID හරහා විමර්ශනයක් කරන්නැයි ඇමති කංචන පොලිස්පතිගෙන් ඉල්ලයි

කර්තෘ Staff writer

31 Mar, 2023 | 6:07 pm

COLOMBO ( News 1st ) – පසුගිය 28 වැනිදා කොළොන්නාව ඛනිජ තෙල් නිමාව තොග ගබඩා පර්යන්තයේ ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතුවලට බාධා කළ පුද්ගලයින්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හරහා විමර්ශනය කරන්නැයි අමාත්‍ය, කංචන විජේසේකර අමාත්‍යවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පොලිස්පතිවරයා වෙත යොමුකළ අදාළ ලිපියේ දැක්වෙන්නේ කොළොන්නාව නිමාව අසළ උපවාසයේ නිරත පිරිසක් බලහත්කාරයෙන් ඉන්ධන බෙදාහැරීම සිදුකරන ආරක්ෂිත කලාපයට ඇතුලු වී එහි සේවකයින් බියවද්දා පළවා හැර ඇති බවයි.

මේ අතර මුදල් ගෙවා ඉන්ධන ලබා ගැනීමට පැමිණ තිබූ ටැංකි රථ ද පළවා හැර ඇති බව සඳහන් ය.

අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම්කර ඇති ඉන්ධන බෙදාහැරීම අකර්මණ්‍ය කිරීමට කටයුතු කළ ඔවුන් ඉන්ධන බෙදා හරින නල පද්ධතියට හා ස්වයංක්‍රීය දත්ත පද්ධතියට ද හානිකිරීමේ උත්සාහ ගෙන තිබූ බවද අදාළ ලිපියේ සඳහන් වේ.

එම කඩා වැදුණු පිරිසට වෘත්තීය සමිති නියෝජිතයින්, පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා ලබා දී නිවාඩු ලබා ගෙන සිටින සේවකයින් හා දැනට සේවයේ නොමැති විශ්‍රාමිකයින්ද ඇතුළත් බව සඳහන් වේ.

අදාළ කඩාකප්පල් ක්‍රියාව හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමට බාධා මතුවූ අතර ඉන්ධන පෝලිම් ද ඇති වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

මේ හේතුවෙන් සිදු වූ පාඩුව අදාළ පුද්ගලයින්ගෙන් අයකර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින බව ද සඳහන් වේ.
 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]