අයිතීන් උල්ලංඝණයට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඛනිජ තෙල් වෘත්තිකයින් සැරසෙයි.

අයිතීන් උල්ලංඝණයට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඛනිජ තෙල් වෘත්තිකයින් සැරසෙයි.

අයිතීන් උල්ලංඝණයට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඛනිජ තෙල් වෘත්තිකයින් සැරසෙයි.

කර්තෘ Staff writer

31 Mar, 2023 | 6:15 pm

COLOMBO ( News 1st ) – වැඩවර්ජනයේ නිරත වූ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් අනිවාර්ය නිවාඩු යැවීම සහ සේවා පරිශ්‍රයන්ට ඇතුල්වීම තහනම් කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති, ආචාර්ය අශෝක රංවල මහතා ප්‍රකාශ කළේ ය.

ඔහු පැවසුවේ එහි මූලික පියවරක් ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.

මේ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ද ඊයේ (31)  පස්වරු 4.00 අදාළ වෘත්තීය සමිති නියෝජිතයින් පැමිණ පැමිණිල්ලක් සිදුකළ බව තහවුරු කළේ ය.

එහෙත් මෙම වැඩවර්ජනය මෙහෙයවූ තවත් වෘත්තීය සමිති නායකයෙකු වූ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති, ජගත් විජේගුණරත්න මහතා ප්‍රකාශ කළේ සාකච්ඡා මාර්ගයෙන් පනවා ඇති තහනම් ඉවත්කර ගැනීමට උත්සාහ කරන බවයි.

මේ අතර වැඩ වර්ජනය කිරීමේ චෝදනා මත අනිවාර්ය නිවාඩු යැවූ සංස්ථා සේවකයින් 20 දෙනා  සම්බන්ධ විනය පරීක්ෂණ ලබන සඳුදා ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි

සංස්ථාව පවසන්නේ  මේ වනවිට ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි.
 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]