සමර් අලුත් කළ ලෝක වාර්තාව

16 හැවිරිදි කැනේඩියානු ක්‍රීඩිකා සමර් අලුත් කළ ලෝක වාර්තාව

by Staff writer 30-03-2023 | 10:35 AM

COLOMBO (News 1st) -  16 හැවිරිදි කැනේඩියානු ක්‍රීඩිකා සමර් මැකින්ටොෂ් මීටර් 400 කාන්තා පිහිනුම් නිදහස්ආර ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කළේ ය. 

ඒ කැනේඩියානු පිහිනුම් තෝරාගැනීම් තරගවල දී විනාඩි 3යි තත්පර 56යි දශම 0 8ක දක්ෂතාවක් දක්වමිනි. 

ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා එරී ටිට්මස් මීට පෙර එම වාර්තාවට හිමි කම් කියු අතර සමර් මැකින්ටොෂ්ගේ පළමු ලෝක වාර්තාව ද මෙය වේ.