සබරගමුවේ නවක සිසුන්ට පහරදුන් සිසුන් අත්අඩංගුවට

සබරගමුවේ නවක සිසුන්ට පහරදුන් බව කියන සිසුන් 4 ක් අත්අඩංගුවට

by Staff writer 30-03-2023 | 11:07 AM

COLOMBO (News 1st) -  සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයට අයුතු ලෙස ඇතුළු  වී නවක සිසුන්ට පහර දී තුවාල කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.   

අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. 

පොලිසිය පැවසුවේ,  අවුරුදු 23 , 24 , හා 25 වයස්වල පසුවන දෙහිවල , මොරටුව, අම්බලන්ගොඩ හා වැලිමඩ ප්‍රදේශවල පදිංචි සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 04 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි. 

ඔවුන් බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ශරිර ඇප මත මුදා හැර තිබේ. 

නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වී නවක වධය ලබාදීම සඳහා මෙම සිසුන් පසුගිය පෙබරවාරි 15 වැනිදා සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයට අයුතු ලෙස ඇතුළු වී නවක සිසුන්ට පහර දී තිබිණ.