.webp)
-526178.jpg)
COLOMBO (News 1st) - ඊයේ (29) පස්වරුවේ වැලිගම, මිදිගම ප්‍රදේශයේදී වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි පුද්ගලයා අද (30) අලුයම ජීවිතක්ෂයට පත් වී තිබේ.
ඊයේ (29) පස්වරුවේ 6.20ට පමණ වැලිගම, මිදිගම ප්‍රදේශයේ ඔහුගේ ව්‍යාපාරික ස්ථානය අසල සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් එම පුද්ගලයාට වෙඩි තබා පළා ගොස් තිබුණි.
වෙඩි තැබීමෙන් බරපතළ ලෙස තුවාල ලැබු ව්‍යාපාරිකයා ඇතුළත් කෙරුණේ මාතර මහ රෝහලටයි.
දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ පුද්ගලයා අද (30) උදෑසන ජීවිතක්ෂයට පත් වී තිබේ.
මිය යනවිට 32 හැවිරිදි වියේ පසු වු මොහු අවිවාහක පුද්ගලයෙකි.
පොලීසිය සැක පළ කරන්නේ මෙම වෙඩි තැබීම පෞද්ගලික ආරවුලක් මත සිදු වුවක් බවයි.
වෙඩි තැබීමට පැමිණියා යැයි සැක කෙරෙන මෝටර් රථය අහංගම, දික්කුඹුර ප්‍රදේශයේ තිබී පොලිස් විශේෂ කාර්යය බලකාය මේ වනවිට සොයා ගෙන ඇති අතර අදාළ මෝටර් රථය වැලිගම ප්‍රදේශයේ ස්ථානයකින් කුලියට ගත් එකකි .
සිද්ධිය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (30)මාතර මහේස්ත්‍රාත්වරයා සිදු කිරිමට නියමිතයි.
වැලිගම හා මිදිගම පොලිස් ස්ථාන සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂන සිදු කරනු ඇති.
