.webp)
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බැවින්,එකිනෙකාට දෝෂාරෝපණය කරමින් නොසිට මතු පරපුර වෙනුවෙන් සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්විය යුතු බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කළ 'IMF සහ ඉන් ඔබ්බට'මැයෙන් වූ සාකච්ඡා මණ්ඩපය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ය.
ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ,ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් ඔබ්බට ගොස් ඊළඟ පරම්පරාව සඳහා සමෘද්ධිමත් සමාජයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.