කළුතරට ඔබ්බෙන් මුහුදේ භූ චලනයක්...

කළුතරට ඔබ්බෙන් මුහුදේ භූ චලනයක්...සුනාමි අවදානමක් නැහැ - භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශ

by Staff writer 30-03-2023 | 1:42 PM

COLOMBO (News 1st) – කළුතරට සිට කිලෝමිටර් 24 ක ඔබ්බෙන් වූ මුහුදේ භූ චලනයක් හට ගෙන තිබේ. 

එහි ප්‍රභලත්වය සටහන්ව ඇත්තේ, මැග්නිටියුට් ඒකක 3.7 ක් ලෙසයි. 

News1st කළ විමසිමකදි භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශය සඳහන් කළේ,  භූ චලනය බේරුවල , මග්ගොන , කළුතර හා පිළියන්දල ප්‍රදේශවලට දැනි ඇති බවයි. 

මෙම භූ කම්පනයෙන් බලපෑමක් නොමැති බවත් සුනාමි අවදානමක් නොමැති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තහවුරු කළේ ය.