පළමු ආනයනික බිත්තර තොගය ..

ඉන්දියාවෙන් ගෙන්වූ පළමු බිත්තර මිලියන දෙක මුදා හැරෙයි

by Staff writer 30-03-2023 | 9:56 PM

COLOMBO (News 1st) – රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව ඉන්දියාවෙන් ගෙන්වූ පළමු බිත්තර මිලියන දෙක අද (30) මුදාහැරියේ ය.

කෙරවළපිටිය ප්‍රදේශයේ ඇති ගබඩා සංකීර්ණයක තිබූ බිත්තර තොගය ලබා දුන්නේ මහා පරිමාණ බේකරි හා හෝටල් හිමියන්ටයි.

බිත්තරයක් රුපියල් 35කට මිල නියම කර තිබුණි.


 රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ,සභාපති ආසිරි වලිසුන්දර  අදහස් දක්වමින් කියා සිටියේ ,

'' ඇත්තටම ඕගොල්ලෝ දකින්න ඇති මේ බිත්තර සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය ආරක්ෂතව තමයි අසුරලා තියෙන්නේ. බිත්තර ඒගොල්ලෝ එහි අසුරනකොටත් බිත්තර හයිඩ්‍රජන් පැරොක්සයිඩ් වලින් පිහලා නිසි සෞඛ්‍ය උපදෙස් වලට අනුව තමයි ලංකාවට ඒගොල්ලෝ බිත්තර ඒගොල්ලෝ අපනයනය කළේ. මේ බිත්තරේ තියෙනවා ආයු කාළයක් ඒ ආයු කාළය ඇවිල්ල දවස් 90ක්. අපි ෆ්‍රීසර් කන්ටේනර්ස්වල මේවා ගෙනල්ලා තියෙන්නේ. අපි අන්ලෝඩ් කරන්නේ ආයේ ෆ්‍රීසර් කන්ටේනර් වලට. කවුරු හරි කියනවා මේ බිත්තරේ සුමාන දෙකෙන් සුමානෙන් සවුත්තු වෙනවා කියලා එහෙම වෙන්නේ නැහැ..."